/
Meta technologies හි කාරුණික ම මොහොත හා සමීප වන්න: රාමසාන් යනු පාරිභෝගිකයන් හා ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට, සැමරීමට සුදුසු ම කාලයකි.

Meta technologies හි කාරුණික ම මොහොත හා සමීප වන්න: රාමසාන් යනු පාරිභෝගිකයන් හා ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට, සැමරීමට සුදුසු ම කාලයකි.

April 21, 2023
|
7 mins

රාමසාන් යනු බිලියන දෙකක පමණ ජනතාවක් සමරන ඉතාම වැදගත් අංගයක්. ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසයේ සිදුවන එය නිරාහාර ව සිටීම, යාච්ඥාව සහ ආවර්ජනය සමඟ පුළුල් ලෙස සම්බන්ධ වී ඇති කාලයකි. ඊද් උත්සවයෙන් මෙය අවසන් වේ. 

මෙහි හරය ගත් විට, රාමසාන් යනු ප්‍රජාව සහ කරුණාව සඳහා වෙන් වන කාලයකි. මෙය Meta technologies තුළ  කරුණාව පැතිරෙන මොහොතක් ලෙස හැඳින්වීම වරදක් නැත. පසුගිය වසරේ රාමසාන් අවසන් දිනයේ පමණක් “kindness” යන වචනය අඩංගු interactions මිලියන 7.8 කට වඩා වැඩි ප්‍රමාණයක් Facebook තුළ  සිදුව තිබේ. 

Instagram හි, මාසයක කාලය තුළ එකමුතුකම, සම්බන්ධතාව සහ ප්‍රජාව ගැන සඳහන් කරන අන්තර්ක්‍රියා මිලියන 13.4ක් ඉක්මවා ඇති අතර, සමීක්ෂණය කළ සාප්පු සවාරි යන්නන් හෝ නිරීක්ෂකයන්ගෙන් 91%ක් රාමසාන් සහ ඊද් සමයේදී Facebook සහ Instagram යන දෙකෙහිම ප්‍රජාව සහ එකමුතුව ප්‍රවර්ධනය කරන අන්තර්ගත දැකීමට කැමති බව පැවසූහ. 

සෘතුමය මොහොතක් ලෙස, මෙම කාලය තුළ සමගිය සහ ඥාතිත්වය කෙරෙහි සමාජීය ව යොමුවන අවධානය අසමසම වේ. අලෙවිකරුවන් සඳහා, මෙම අවස්ථාව ධනාත්මකව හා සාමකමීත්වයෙන් පොහොසත් පණිවිඩ හරහා, දැනට ම සිටිනා හා අනාගත පාරිභොගිකයන් සමඟ සම්බන්ධ වීමට අනගි අවස්ථා නිර්මාණය කරයි.

“කරුණාව සමඟ ඉහළ ම අන්තර්ක්‍රියා ඇති Meta technologies හි කාරුණිකම මොහොත රාමසාන් දිනය බව දැකීම ඇදහිය නොහැකි තරම්ය, මෙය වෙළෙඳ සන්නාම සඳහා ක්‍රියාත්මක වීමට සහ උපරිම ප්‍රයෝජන ගැනීමේ අරමුණු සහිත සහ නඟා සිටුවීමේ අපුර්ව සන්දර්භයක් සපයයි." Meta හි සම්බන්ධතා සැලසුම්කරු Zehra Chatoo  සඳහන් කරයි.

‘’මේ මොහොතේ සැබෑ ලෙසම මිනිසුන් අතර රැඳී ජනප්‍රිය වන ව්‍යාපාර ඉතා ඉහළ ප්‍රතිඵල ලබාගන්නවා අප සියැසින් දැක තිබෙනවා. උදාහරණයක් ලෙස, Sephora, පසුගිය වසරේ "රාමදාන් රාත්‍රී" campaign එකක් පවත්වා ගෙන ගිය අතර එය එම සැමරුමේ හැඟීම් මනාවට පිළිබිඹු වන අයුරින් සැලසුම් කර තිබුණා. රූපලාවන්‍ය ද්‍රව්‍ය වෙළෙඳසලක් වන ඔවුන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා වීඩියෝ දැන්වීම් පළ කර, මේ අලංකාර රාත්‍රියේ සුන්දරත්වය සැමරීමට ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටි අතර ම, අතර දේශීය කලාකරුවන් සමඟ හවුල්කාරිත්වයෙන් augmented reality දැන්වීම් නිර්මාණ ද සිදු කර තිබුණා. “

Facebook සහ Instagram හි වෙළෙඳ සන්නාමගත අන්තර්ගතයන් පළ කිරීම් හා නිර්මාණය කිරීම සඳහා දක්ෂ කලාකරුවන්, රූපලාවන්‍ය ලෝලීන් ඇතුළු දේශීය නිර්මාණකරුවන්ගේ අපුර්ව මිශ්‍රණයක් සමඟ Sephora හවුලේ කටයුතු කරන්නට සමත් විය. 

"අපි නවීනත්වය සහ සාම්ප්‍රදායික සංස්කෘතිය පරිපූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම සඳහා දේශීය කලාකරුවන් භාවිත කරමින් නිර්මාණ මාවත්  කිහිපයක් ඒකාබද්ධ කළා. ඒ අතරම සාම්ප්‍රදායික රාමසාන් දැන්වීම් වෙනුවට නව්‍යත්වයත් එක් කළා " යනුවෙන් Sephora හි අලෙවිකරණ අධ්‍යක්ෂ, Deborah Soares පැවසී ය.

එහි ප්‍රතිඵලය? සෞදි අරාබිය තුළ  වෙළෙඳ සන්නාමයේ සම්ප්‍රජානන අගයේ 5.5ක එසවීමක් විය.

රාමසාන් සමයේදී වඩා ශක්තිමත්, වඩාත් අව්‍යාජ සම්බන්ධතා ඇති කර ගනිමින් පාරිභෝගික ආකර්ෂණය අපේක්ෂා කරන ව්‍යාපාර සඳහා, creator partnership යනු අතිශයින් ම වටිනා අලෙවිකරණ උපාය මාර්ගයකි. රාමසාන් සාප්පු සවාරි යන්නන්ගෙන් හා නිරීක්ෂණයට ලක්වුවන් 59%ක් කියා සිටින්නේ තමන් පිළිගත් නිර්මාපකයකු සමඟ හවුල් වූ වෙළෙඳ සන්නාමයක් විශ්වාස කිරීමට වැඩි ඉඩක් ඇති බවත්, සමීක්ෂණයට ලක් වූවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් වෙළෙඳ දැන්වීම්වලට වඩා වෙළෙඳ නාම පිළිබඳ දැනුම්දීම් හා දැන්වීම් සිදු කරන නිර්මාණකරුගේ මතය විශ්වාස කරන බවත් ය.

Discovery Commerce සමඟ සම්බන්ධතාවය personalize කිරීම.

රාමසාන් යනු ප්‍රධාන වාණිජමය වැදගත්කමක් හිමි මොහොතක් වන අතර, සාප්පු සවාරි යන්නන්ගෙන් බහුතරයක් තමන් වසරින් වසර වැඩි මුදලක් මේ සමයේ වැය කරන බව ප්‍රකාශ කරති. 

භාණ්ඩ මිලදී ගැනීමට පෙර සලකා බැලීමේ කාල පරිච්ඡේදය තුළ, සාප්පු සවාරි යන්නන් ඔවුන්ගේ මිලදී ගැනීමේ තීරණ ගැනීමට උපකාර කිරීම සඳහා personalized නිර්දේශ හා දැන්වීම් වැඩි වැඩියෙන් සොයමින් සිටිති. සමීක්ෂණයට ලක් වූ සාප්පු සවාරි යන්නන් හා නිරීක්ෂකයන්ගෙන් 71%ක් පවසන්නේ පුද්ගලීකරණය කළ නිෂ්පාදන සහ තෑගි යෝජනා සමඟ ඔවුන්ගේ රාමදාන් සාප්පු සවාරි සම්පූර්ණ කිරීම ඉතා පහසු බව ය.

බොහෝ දෙනකුට, පෞද්ගලීකරණය කළ නිර්දේශ දැන් මෙම සමාජීය වාණිජ අත්දැකීමේ වටිනා කොටසකි - සමීක්ෂණයට ලක් වූ සාප්පු සවාරි යන්නන් හා නිරීක්ෂකයන් 3න් 2ක් පවසන්නේ ඔවුන් රාමසාන් සමයේදී Meta technologies හි පුද්ගලීකරණය වූ සාප්පු සවාරි අත්දැකීම් තුටින් භුක්ති විඳින බව ය.

Business Messaging සමඟ අපගේ සම්බන්ධතාව ශක්තිමත් කිරීම

 විශේෂයෙන්ම රාමසාන් වැනි ඉහළ සැලකිල්ලක් හා ජනප්‍රියත්වයක් උසුලන සෘතුමය අවස්ථාවන්හි දී, සංවාද සම්බන්ධතා වාණිජ්‍යය සඳහා ප්‍රබල ද්වාරයක් සපයයි. 

බොහෝ දෙනකුට, පණිවිඩ යැවීම ව්‍යාපාර සමඟ සන්නිවේදනය කිරීමට වඩාත් පහසු ක්‍රමයක් සපයයි. සමීක්ෂණයට ලක් වූ සාප්පු සවාරි යන්නන් හෝ නිරීක්ෂකයන්ගෙන් 69%ක් පවසන්නේ තමන් රාමසාන් සහ ඊද් කාලවලදී Meta  තාක්ෂණය පිළිබඳ ව්‍යාපාරයකට පණිවිඩ යවා ඇති බවයි.

වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි හා භාවිත කළ හැකි පාරිභෝගික අත්දැකීමක් ඔවුන් වෙත ලබා දීමෙන් ඔබ්බට, business messaging යැවීම ඔස්සේ  අධික තදබදයක් ඇති කාලවල දී සැලකිය යුතු වාණිජ සක්‍රීය කරන්නෙක් විය හැකි ය. එය ඕනෑම පාරිභෝගික විමසුමක් හෝ ගැටලුවක් විසඳීමට හා කරුණු දැන ගැනීමට ඉක්මන් සහ පහසු මාර්ගයක් සපයයි, මිනිත්තු කිහිපයකින් මේ අත්දැකීම නිසා භාණ්ඩය මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් වැඩි සැලකිල්ලක් දැක්වීමට හේතු වේ. 

Meta තාක්ෂණය සමඟ මෙම රාමසාන් මාසයේ අර්ථවත් සම්බන්ධතා ඇති කිරීමට වෙන කවරදාටත් වඩා වැඩි ක්‍රම තිබේ. Reels, in-stream video, branded content, සහ augmented reality වැනි මෙවලම් සමඟින් සන්නාම ප්‍රවර්ධනය - ව්‍යාපාරවලට අපුර්ව අත්දැකීම් හරහා ප්‍රජාවන් ඒ වෙත ආකර්ෂණය කරගනිමින් ඒ වෙත රටගෙන යාම සඳහා උපකාරී වේ. 

Discovery Commerce මෙවලම් ඔබේ ව්‍යාපාරය ඔබ කරන දේට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට සම්බන්ධවීමට උදවු කරන අතර Business Messaging මෙවලම් ඔබ හා ඔවුන් අතර සම්බන්ධතා ශක්තිමත් කරන හා විකුණුම් පහසු කරවන අඛණ්ඩ හා පහසු පාරිභෝගික අත්දැකීම් ලබා දෙයි.

To read this article in English: https://www.facebook.com/business/ramadan/why-ramadan-is-a-time-to-connect-with-audiences/?_rdc=2&_rdr 

Have a question about
working with us?

Have a question about working with us?

Drop us a message and we will get back to you as soon as possible.