/
Learning Phase එක කියන්නේ මොකක්​ද?

Learning Phase එක කියන්නේ මොකක්​ද?

January 13, 2023
|
2 mins

Learning Phase එක කියන්නේ ඔබේ Campaign එකට හොදම ප්‍රථිපල ලබාගැනීමට සුදුසුම සැකසුම ගැන Meta Ad Delivery System එක වැඩිදුර ඉගෙන ගන්නා කාල සීමාවයි. ඉලක්ක කිරීමට හොඳම පුද්ගලයින්, දැන්වීම පෙන්වීමට අදා​ල දවසේ වේලාවන්, ස්ථානගත කිරීම් සහ භාවිතා කිරීමට හොඳම Ads ගැන වැඩි අවධානයක් යොමුකරමින් ඒ ගැන ඉගෙන ගනිමින් ඔබට වඩා හොද ප්‍රතිපල ලබාදිමට මෙම කාලසීමාව භාවිත වෙනවා.

Campaign එකක Learning Phase එක  ආරම්භ වන්නේ අලුතින් Ad Set එකක් සාදන විට හෝ පවතින Campaign එකට සැලකිය යුතු වෙනස්කමක් සිදු කළ විටය.

Learning Phase එක සම්පුර්ණ කරන්නේ කොහොමද ?

ඔබේ Campaign එකේ ආරම්භක දිනයේ සිට දින 7ක් ඇතුළත ඔබ campaign එක තුලින් බලාපොරොත්තු වන ප්‍රතිඵල 50ක් වාර්තා වු විට හෝ Meta Ad Delivery System එකට මේ දින 7 ඇතුලත ඔබට මෙම ප්‍රතිඵල 50 ලබා ගැනීමේ හැකියාවක් ඇතිබව තහවූරු වූ විට ඔබේ Ad set එක learning phase එක සම්පුර්ණ කර Active අදියරට යොමුවෙනවා.

ඒ වගේම ඔබේ campaign එකට දින 7ක් ඇතුලත ප්‍රතිඵල 50ක් ලබාගැනීමට නොහැකි අවස්තාවකදී Ad set එක Learning Limited කියන අදියරට යොමුවෙනවා. Learning Limited කියන අදියරේදී ඔබේ campaign එක තවදුරටත් ඉගෙනගැනීම නතර වෙනවා. මේ හේතුවෙන් ප්‍රතිඵල සීමාවීමක්ද සිදුවෙනවා.

ඔබ campaign එකේ නිතරම වෙනස්කම් සිදුකරන විට ඔබේ campaign එකේ Learning Phase එක නැවත පටන් ගැනීම සිදුවනවා. ඒ වගේම ඔබ campaign එක Plan කරන විට සැම විටම දින 7ක් ඇතුලත ප්‍රතිපල 50ක් ලබාගැනීමට හැකිවන ආකාරයට ඔබේ budget එක audience එක හා ඔබේ campaign set up එක plan කිරීමට සැමවිටම අවධානය යොමුකරන්න.

ඔබට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම්  fb@roar.global හරහා අපහා සම්බන්දවන්න.

Have a question about
working with us?

Have a question about working with us?

Drop us a message and we will get back to you as soon as possible.